Skip to main content

Featured

ET - සාමාන්‍ය සිමෙන්ති කොන්ක්‍රීට්

සාමාන්‍ය සිමෙන්ති කොන්ක්‍රීට් මේ සඳහා භාවිතා කරන්නේ සිමෙන්ති, රළු සමාහාර, සියුම් සමාහාර හා ජලයයි. කොන්ක්‍රීට් සකස් කිරීමේදී පහත සඳහන් ක්‍රියාවලියට අනුව සකස් කරයි. අදාල අනුපාතයන්ට සියුම් සමාහාර යෙදීම අදාල අනුපාතයන්ට සිමෙන්ති යෙදීම සිමෙන්ති හා සියුම් සමාහාර එකම පැහැයක් ලැබෙන තුරු මිශ්‍ර කිරීම බදාම මිශ්‍රණය තුනී කර ඒ මත රළු සමාහාර ඇතිරීම අවශ්‍ය ජල ප්‍රමාණය මිශ්‍ර කරමින් කවලම් කිරීම තැන්පත් කිරීම කොන්ක්‍රීට් අංගයක සිමෙන්ති වල කාර්යය අනෙකුත් කොටස් ඒකාබද්ධ කරයි ශක්තිය වැඩි කරයි කල්පැවැත්ම සඳහා සියුම් සමාහාර අතර ඇති කුඩා හිඩැස් පිරවීමට කොන්ක්‍රීට් අංගයක රළු සමාහාර වල කාර්යය සිමෙන්ති තලපයක් ලෙස තිබෙනවාට වඩා වැඩි පරිමාවක් ලබාගැනීමට කොන්ක්‍රීට් අංගය ඝනයක් බවට පත්කිරීමට සීරීමට ඔරොත්තු දීමට ආර්ථික වාසි ලබා ගැනීමට(සිමෙන්ති හා වැලි වලට වඩා මිල අඩු වීම) කොන්ක්‍රීට් අංගයක වැලි වල කාර්යය රළු සමාහාර අතර ඇති අවකාශ පුරවයි සිමෙන්ති සවි වීමට අවශ්‍ය ජලය සියුම් සමාහාර අතර ඇති හිඩැස් වලින් ලබා දෙයි කොන්ක්‍රීට් අංගය හැකිලීම හා ඉරි තැලීම අවම කරයි කොන්...

ICT - Computer Memory

පරිගණක මතක 1 කොටස

පරිගණක පද්ධතියක දත්ත ස්ථිර වශයෙන් හෝ තාවකාලිකව ගබඩා කිරීමට පරිගණක මතකයෙන් අත්‍යවශ්‍ය වේ. එමෙන්ම පරිගණකයේ එක් එක් කාර්යයට ගැලපෙන ලෙස භාවිතා වන මතකයන් වර්ග කිහිපයකි. 

පරිගණක මතකයන් ප්‍රධාන වශයෙන් ප්‍රාථමික සහතික ලෙස වර්ගීකරණය කළ හැකි අතර මතකයන්ගේ ස්වභාවය අනුව ණය සහ නශ නොවන ලෙස වර්ගීකරණය කළ හැක. 



නෂ්‍ය මතක - volatile memory
පරිගණක පද්ධතියක් මඟින් දත්ත සැකසීමේ ක්‍රියාවලියේ දී විවිධ අදියරයන් හි විවිධ දත්ත තාවකාලිකව තබා ගැනීමට නෂ්‍ය මතක භාවිතා කරයි. මෙහි දත්ත නොමැති පැවතීමට නම් අඛණ්ඩව විදුලිය ලබාදීම අත්‍යවශ්‍ය වේ. එනම් මෙහි මතකය පවතින්නේ විදුලිය ඇති තාක් පමණි.

පරිගණකයක් තුළ නෂ්‍ය මතක වශයෙන් පහත මතකයන් හමුවේ.


  • සසම්භාවී පිවිසුම් මතකය - random Access Memory (RAM)
  • සංචිත මතකය - cache memory
  • රෙජිස්තර මතකය - registers
සසම්භාවී පිවිසුම් මතකය - random Access memory (RAM)

CPU එකට අවශ්‍ය දත්ත තාවකාලිකව තබාගනිමින් එයට ලබා දීමත්, CPU මගින් සකස් කළ දත්ත තාවකාලිකව තබා ගනිමින් අවශ්‍ය උපාංගයට යැවීමත්, ධාවනය වෙමින් පවතින පද්ධති හා යෙදුම් මෘදුකාංග යන්ගේ දත්ත හා උපදෙස් ලබා ගැනීමත් මෙහි කාර්යයි.

මෙය පරිගණක ප්‍රධාන මතකයයි.

මෙය සකසනය හා සෘජුවම සම්බන්ධ වන අතර සකසනය ට මෙම මතකය තුළ ලිවීම සහ කියවීම සෘජුවම සිදු කළ හැක.

දත්ත ලිවීම හා කියවීම අනුපිළිවෙලකට සිදුකළ යුතු අතර මතකයේ ඕනෑම ස්ථානයක දත්ත ලිවීම සහ කියවීම සිදු කළ හැක එම නිසා මෙය සසම්භාවී පිවිසුම් මතකය ලෙස හැඳින්වේ.

ප්‍රදේශ කාලයේ ඉතාමත් අඩුවේ. එම නිසා CPU එක සමග වේගයෙන් කාර්යය කළ හැක. විවිධ වූ ධාරිතාවන්ගෙන් පවතින අතර පරිගණකය ක්‍රියාවිරහිත කල විට මෙහි මතකයද විමෝචනය වේ. 

සසම්භාවී පිවිසුම් මතකය ප්‍රධාන වර්ග දෙකකි.
  1. ගතික සසම්භාවී පිවිසුම් මතකය
  2. ස්ථිතික සසම්භාවී පිවිසුම් මතකය
ගතික සසම්භාවී පිවිසුම් මතකය - Dynamic Random Access Demory (DRAM)
  • මිලෙන් අඩුය
  • වේගයෙන් අඩුය
  • මතක ඝනත්වය වැඩි වේ
  • පරිගණක වල ප්‍රධාන මතකය ලෙස භාවිතා වේ
  • මතක කෝෂයක් නිර්මාණය කිරීම සඳහා transistor හා ධාරිත්‍රක යොදා ගැනේ
  • කාලයත් සමඟ මතකය ක්ෂය වී යන බැවින් මතකය නිරන්තරයෙන් පුබුදු කළ යුතුවේ
  • විදුලි පරිභෝජනය වැඩිය
ස්ථිතික සසම්භාවී පිවිසුම් මතකය - Static Random Access Memory (SRAM)
  • මතකය පුබුදු කිරීම අනවශ්‍යයි
  • විදුලි පරිභෝජනය අඩු ය
  • වේගයෙන් වැඩිය
  • මිලෙන් වැඩිය
  • මතක ඝනත්වය සාපේක්ෂව අඩුය
  • සංචිත මතක හා රෙජිස්තර මතක නිර්මාණය සඳහා භාවිතා කරයි
  • මතක කෝෂයක් ට්‍රාන්සිස්ටර වලින් නිර්මාණය කරයි
රෙජිස්තර මතකය - Register Memory

  • CPU එක තුලම පිහිටා ඇත
  • ධාරිතාවයෙන් ඉතාමත් අඩුවේ
  • ප්‍රවේශ කාලය ඉතාමත් අඩුය. එනම් වේගයෙන් වැඩි වේ
  • මතක ධූරාවලියේ ඉහළින්ම පිහිටන්නේ රෙජිස්තර මතකයයි
  • CPU තුළ විවිධ වූ රෙජිස්ටර් ගණනාවක්ම පවතී (program counter, memory address register, memory buffer register, accumulator, instruction register)

Comments

Followers